Home
මගේ ෆාමසියත් දැන් සැනින් ඩිලිවරි කරනවා ..
මගේ ෆාමසියත් දැන් sanin.lk එක්ක කි.මි. 10 ක් තුල medicine delivery කරනවා. ඔයාලගේ sanin.lk medicine order app එකෙන් දාන orders දැන් කි.මි 10 ක් ඇතුලේ ලියාපදිංචි සියලුම අපේ pharmacy අතරින් වඩාත්ම ආසන්නයේ ඉන්න 10 දෙනෙකුට එකවර පෙන්නුම් කරනවා. අදාළ බෙහෙත් අපි ලග තියෙනවනම් අපිට පුළුවන් ඔයාගේ ඕඩර් එක Accept කරන්න. Accept කරනකොට අපගේ මිල ගණන් හා තවත් විශේෂ දෙයක් තියේනම් එකත් සදහන් කරලා ඔයා වෙත අපේ මිල ගණන් අපි එවනව.
ඒ වගේම අදාළ දුරට අනුව පලමු කි.මි 3 ට රු. 100.00 ක් වශයෙනුත්, වැඩිවන කි.මි 1 කට රු.30 කුත් වශයෙන් pharmacy එකේ සිට ඔබගේ නිවසට අදාළ delivery charges sanin.lk app එකෙන් පෙන්නනවා. ඒ වගේම ඔබට ඉක්මනින් බෙහෙත් ගෙන්වා ගන්න ඕනනම් සාමාන්‍ය delivery charge එකට තවත් රු. 150.00 ක් දීල පැය 3ක් ඇතුලත ඔබේ order එක ගෙන්වා ගන්න පහසුකම sanin.lk app එකේ තියෙනවා.... ඔබට යන එන ගමන් බෙහෙත් ටික pharmacy යෙන් ගන්න පුළුවන් නම් පෝලිම් වල නොඉද වැඩිපුර සතයක් වත් වියදම් නොකර බෙහෙත් ටික ගන්නත් පුළුවන් ... අපේ pharmacy 10 කින් ඔයාට මිල ගණන් ආවොත් බෙහෙත් වලට යන මුදලත්, delivery charge එකත් අඩුම මිල ගණන් දුන්න pharmacy එකට order එක confirm කරන්න පුළුවන්.
Confirm කරපු order එක ඔයා ඉල්ලපු delivery option එක අනුව ගෙදරටම ගෙනත් දෙන්න හරි, සුදානම් කරලා තියන්න හරි අපිට පුළුවන් ...
ඉතින් බලාගෙන ඉන්න එපා.. sanin.lk එක්ක සැනින් බෙහෙත් ටික ගෙන්න ගන්න.